ශ්‍රි ලංකාවේ වටිනා ඛනිජ සම්පත් සෙවීමට ප්‍රංශයෙන් උපකරණයක්


ශ්‍රි ලංකාවේ භූ ගර්භයේ ඇති වටිනා ඛනිජ සම්පත් පහසුවෙන් හඳුනා ගැනීමට භූ විද්‍යා සමීක්ෂණ හා පතල් සමීක්ෂණ කාර්යාංශය (GSMB) VLF Receiver – (Very Low Frequency) උපකරණය යොදා ගැනීමට පියවර ගෙන ඇත.

රුපියල් මිලියන 3.5 ක් වටිනා මෙම උපකරණය ප්‍රංශයෙන් මිලදී ගෙන ඇති අතර මෙමගින් නිකුත් කරන තරංග යොදා ගනිමින් කිලෝමීටර 10 – 100 දක්වා පෘථිවි භූගර්භ ඇති ඛනිජ සම්පත් හඳුනා ගැනීම සිදු කළ හැක.

අප රටේ වටිනා ඛනිජ සම්පත් විශාල ප්‍රමාණයක් ඇති බවට තොරතුරු ඇතත් ඒවා පිහිටි ස්ථාන හා එම ඛනිජ සම්පත් පිහිටා ඇති ප්‍රදේශයේ විශාලත්වය හා ගැඹුර හඳුනාගැනීමට අධික වියදමක් දරමින් ඛනිජ සම්පත් ගවේෂණ සිදු කිරීමට සිදුව ඇත. එනමුත් VLF Receiver උපකරණය මගින් ඛනිජ සම්පත් ගවේෂණ කටයුතු කඩිනමින් හා අවම පිරිවැයකින් සිදු කළ හැකිවේ.

VLF Receiver උපකරණ භාවිතය හා ක්‍රියාකාරීත්වය පිළිබඳව මේ වන විට එම කාර්යාශයේ නිලධාරීන් පිරිසක් පුහුණු කරමින් පවතී. 

Werzuo Digital

Leave a Reply