ගාල්ලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල තුනක ඉදිකල නව ගොඩනැගිලි ජනතා අයිතියට

ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල තුනක් සඳහා රුපියල් මිලියන 196.4ක වියදමින් ඉදිකරන ලද නව ගොඩනැගිලි විවෘත කිරීම වාරිමාර්ග අමාත්‍ය සහ රාජ්‍ය ආරක්ෂක ආපදා කළමනාකරණ හා ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා විසින් හෙට (21) සිදුකෙරේ.
නෙළුව, නාගොඩ සහ යක්කලමුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙනුවෙන් මෙම නව ගොඩනැගිලි ඉදිකරන ලදී .
රුපියල් මිලියන 52.6ක් යොදවා නෙළුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට සිවුමහල් ගොඩනැගිල්ලක්, රුපියල් මිලියන 91.4ක පිරිවැයකින් නාගොඩ  ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට සිවුමහල් ගොඩනැගිල්ලක් සහ  රුපියල් මිලියන 52.4ක වියදමින් යක්කලමුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට තෙමහල් ගොඩනැගිල්ලක් ඉදිකර විවෘත කිරීම මේ යටතේ සිදු කෙරේ.
Werzuo Digital

Leave a Reply