දියවැඩියා රෝගීන් කඩිනමින් කොවිඩ් එන්නත ලබාගන්න


දියවැඩියා රෝගයෙන් පෙළෙන පුද්ගලයන්ට කොවිඩ් ආසාදනය වුවහොත් ඇතිවන සංකූලතා වැඩි බවත් එම නිසා කොවිඩ් එන්නත ලබා ගැනීමට උනන්දු වන ලෙස ශ්‍රී ලංකා දියවැඩියා සම්මේලනය සභාපති සහ ශ්‍රී ලංකා දියවැඩියා සංගමයේ උප සභාපති කොළඹ ජාතික රෝහලේ අන්තරාසර්ග රෝග පිළිබඳව විශේෂඥ වෛද්‍ය මනිල්ක සුමනතිලක මහතා පැවසීය.
ඊයෙ (19) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව ප්‍රකාශ කළේය.

වෛද්‍යවරයා ප්‍රකාශ කළේ මේ වනවිට සමාජයේ කොවිඩ් අවදානම පහව ගොස් නොමැති නිසා දියවැඩියාව වැනි රෝග වලින් පෙළෙන පුද්ගලයන් කඩිනමින් කොවිඩ්  එන්නත ලබාගැනීමට කටයුතු කරන ලෙසය.

එසේම දියවැඩියාවෙන් පෙළෙන පුද්ගලයන්ට කොවිඩ් ආසාදනය වුවහොත් අග්න්‍යාසයට සහ හෘදයට වැඩි සංකූලතා ඇතිවිය හැකි බවද වෛද්‍යවරයා පෙන්වා දුන්නේය.

දියවැඩියාව ඇති පුද්ගලයන්ට කොවිඩ් ආසාදිත වු විට දී අක්මාව මඟින් වැඩි වශයෙන් ග්ලුකොස් නිපදවීමක් සිදුකරන බවද විශේෂඥ වෛද්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

එම නිසා මෙවැනි නිදන්ගත රෝගවලින් පෙළෙන සියලුදෙනා කොවිඩ් එන්නතේ තෙවැනි මාත්‍රාව ලබා ගැනීම ඉතා වැදගත් බවද සෞඛ්‍ය අංශ සඳහන් කරයි 

Werzuo Digital

Leave a Reply