හික්කඩුව පරිවාසයෙන් පැන ගිය ළමයින් 04 දෙනා තංගල්ලේ දී අත්අඩංගුවට

පරිවාස දෙපාර්තමේන්තුවට අයත් හික්කඩුව සහතික කල පාසලෙන් රහසේ පැන ගිය බාලවයස්කාර දරුවන් සිව්දෙනෙකු තංගල්ල මූලස්ථාන පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් පෙරේදා (20) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ඇත 

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ තංගල්ල, ගොඩැල්ලවෙල, ගාල්ල හා කොළඹ පදිංචි හතර දෙනෙකු බවත් ඔවුන් වයස 17 අඩු වයසේ පසුවන බවත් පොලීසිය පවසයි.
පරිවාස දෙපාර්තමේන්තුවට අයත් හික්කඩුව සහතික කල පාසලෙන් පසුගියදා මෙම බාලවයස්කාර දරුවන් හතර දෙනා රහසින් පැන පළා ගොස් තිබුණි..
Werzuo Digital

Leave a Reply