නිවාඩුවට ඥාති නිවසට ගිය අවස්ථාවේ නිවස බිඳලා

නරාවල පදිංචි පවුලක් දින හතරක සති අන්ත නිවාඩුවට නිවස වසා හලාවත ඥාති නිවසකට ගොස් සිටියදි ජනේලයක් කඩා ඇතුලුවි අල්මාරියද කඩා එහි තිබු රුපියල් හය ලක්ෂ පනස් දහසකට අධික ස්වර්ණාභරණ සොරකම් කර ඇතැයි අක්මිමණ පොලිසිය පවසයි.
නිවැසියන් දොර ජනෙල් වසා හලාවත ඥාති නිවසට ගොස් සිට ආපසු පැමිණි අවස්ථාවේ ජනේලය කඩා ඇතුලුවි අල්මාරියද කඩා රන් ආභරණ සොකරකම් කර තිබෙනු දැක පොලිසියට පැමිණිලි කර ඇත.
අක්මිමණ පොලිසිය විසින් සැකකරුවන් අත් අඩංගුවට ගැනිම සඳහා පරික්ෂණ පවත්වා ගෙන යනු ලැබේ.
Werzuo Digital

Leave a Reply