වැලිගම මුහුදේ දිය නෑමට ගිය දැරියන් දෙදෙනකු අතුරුදහන්

වැලිගම මුහුදු තීරයේ දිය නෑමට පැමිණි 12 හැවිරිදි දැරියක හා ඇගේ 16 හැවිරිදි ඥාති සහෝදරියක මුහුදේ අතුරුදන් වී තවත් දැරියන් දෙදෙනකු දිවි බේරා ගෙන ඇතැයි වැලිගම පොලීසිය පවසයි.

ඥාති සහෝදරියන් සිව් දෙනකු මෙම අනතුරට ලක්ව තිබු අතර අතුරුදන්ව ඇත්තේ වැලිගම මූදුගමුව හා බද්දේගම පදිංචි දැරියන් දෙදෙනෙකි බවද පොලිසිය පැවසීය.

මුහුදේ දිය නාමින් සිටි ඥාති දැරියන් සිව් දෙනාම සැඩ රල පහරකට හසු වී ගසා ගෙන ගොස් ඇති බවත් ඒ අසල සිටි තරුණයන් දෙදෙනකු ඇතුළු පිරිසක්  දෙදෙනකු බේරා ගෙන ඇති බව පොලීසිය සදහන් කරයි.

දිවි බේරා ගත් 14 හා 21 වියෙහි පසුවෙන දැරිය හා තරුණිය වැලිගම වලාන රජයේ රෝහල වෙත ඇතුලත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සදහා මාතර මහ රෝහල වෙත ඇතුළත් කර තිබෙන අතර ඔවුන්ගේ  බරපතල බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය. 

එම මුහුදු ප්‍රදේශයේ අතුරුදන් දැරියන් දෙදෙනා සොයා පොලීසිය, නාවික හමුදාව සහ ප්‍රදේශවාසීන් සෝදිසි මෙහෙයුමක් දියත් කර තිබේ

Werzuo Digital

Leave a Reply