අක්මීමන රුහුණු විද්‍යා පීඨයේ සිසුවියන් 62කට කොවිඩ්

අක්මීමන රුහුණු විද්‍යා පීඨයේ ගුරු අභ්‍යාසලාභී සිසුවියන් හැට දෙදෙනකුට කොවිඩි අසාදනය වී ඇති බවට රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලදී තහවුරු වී ඇති බව අක්මීමන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.

ඒ අනුව කොවිඩි ආසාදිත ගුරු අභ්‍යාසලාභීන් 20 දෙනකු හික්කඩුව ආරච්චිකන්ද කොවිඩි මධ්‍යස්ථානය වෙත පෙරේදා (22දා) යොමු කර ඇත. කොවිඩි ආසාදිත අනෙකුත් ගුරු අභ්‍යාසලාභින් ඇල්පිටිය, ඉදල්කන්ද කොවිඩි මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට සැලසුම් කර ඇත. 

රුහුණු විද්‍යා පීඨයේ ගුරු අභ්‍යාසලාභීන් ඇතුළු කාර්ය මණ්ඩලයේ 104 දෙනකු රුපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලට ලක්කර තිබේ.

කොවිඩි ආසාදිත ගුරු අභ්‍යාසලාභීන්ගේ පළමුපෙළ ආශ්‍රිතයන් වෙන් කර තැබීමට කටයුතු කර ඇති බවද අක්මීමන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.

රුහුණු විද්‍යා පීඨයේ දෙවැනි වසරේ ගුරු අභ්‍යාසලාභී සිසු සිසුවියෝ 500කට අධික පිරිසක් ඉගෙනුම ලබන අතර මෙම විද්‍යා පීඨය කොවිඩි මධ්‍යස්ථානයක් ලෙස පසුගිය කාලයේදී භාවිත කරණු ලැබිය.

Werzuo Digital

Leave a Reply