දෙහිවල සතුන්වත්තේ ලක්ෂ එකහමාරක නිල් මාල ගිරවෙක් අතුරුදහන්

දෙහිවල ජාතික සත්වෝද්‍යානය කූඩුවක සිටි රුපියල් ලක්ෂ එක හමාරකට පමණ ආසන්න වටිනාකමකින් යුත් නිල් මාල ගිරවෙකු ඉකුත් වසරේ මැයි මස 7 වැනි දින සිට අතුරුදහන්ව ඇති බවට සත්වෝද්‍යාන නිලධාරීන් විසින් දෙහිවල පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

මේ සම්බන්ධයෙන් විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරන අතර පසුගිය කොවිඩ් සමයේ සේවකයින් සතියෙන් සතිය රාජකාරි සඳහා වාර්තා කරන අවස්ථාවලදී මෙම නිල් ගිරවා අතුරුදන්වී ඇතැයි ඔවුන් පවසයි.

2021 මැයි 8 වන දින ආරම්භක සතියේ නිල් ගිරවුන් කූඩුව බාරගනු ලැබූ සේවකයා විසින් නිල් මාල ගිරවකු අඩු බවට සත්ව භාරකරුට දැනුම් දී ඇත. අනතුරුව ඔහු විසින් තම කාර්යාලය දෛනික වාර්තා පොතේ සටහනක් තබා මේ පිළිබඳ පාලනාධිකාරියට ලිඛිතව දැනුම් දී ඇත.

තත්ත්වය එසේ පැවැතියදි පාලනාධිකාරියෙන් මේ පිළිබඳව විමර්ශනයක් සිදු නොකිරීම සම්බන්ධයෙන් අවස්ථා ගණනාවකදීම පාලනාධිකාරියෙන් විමසීම් කළ ද ඔවුන් මුනිවත රකිමින් සිටින ආකාරයක් පැවති බව සේවකයෝ ප්‍රකාශ කරති.

අනතුරුව වත්මන් අධ්‍යක්ෂ ජෙනරනරාල්වරිය වැඩ භාරගැනීමෙන් පසු ලද පැමිණිලිවලට අනුව ආයතනික මට්ටමේ කමිටුවක් පත්කර විමර්ශන කටයුතු ආරම්භ කෙරුණු අතර නීතිය ක්‍රියාත්මක කිරීමට දෙහිවල පොලිසියට පැමිණිල්ලක් ද ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇත.

දිනමිණ 

   

Werzuo Digital

Leave a Reply