දෙවුන්දරට ආසන්න ජාත්‍යන්තර මුහුදේ හමුවු හෙරොයින් තොගය (PHOTOS)

රාජ්‍ය බුද්ධි සේවාව, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිසිය හා  එක්ව ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වු ජාත්‍යන්තර මුහුදේ සිදු කළ ඒකාබද්ධ මෙහෙයුමක දී අත්අඩංගුවට ගත් හෙරොයින් ප්‍රමාණය කිලෝ ග්‍රෑම් තුන්සිය තිහක් (330) බව නාවික හමුදාව පැවසීය.

මෙම මෙහෙයුමේදී අත් අඩංගුවට ගත් පුද්ගලයන් 11 දෙනාම ශ්‍රී ලාංකිකයින් බව ද නාවික හමුදාව පැවසීය 

ශ්‍රී ලංකාවට දකුණු දෙසින්, දෙවුන්දර සිට නාවික සැතපුම් 737ක පමණ දුරින් වූ (කිලෝ මීටර් 1364ක් පමණ) ජාත්‍යන්තර මුහුදේ දී මෙම මෙහෙයුම දියත් කර තිබෙන අතර එහිදී බෝට්ටු දෙකකින් ගෙන යමින් තිබූ මෙම මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගෙන තිබේ.

රාජ්‍ය බුද්ධි සේවාව, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ ශ්‍රී ලංකා නාවික හමුදා බුද්ධි අංශය එක්ව සිදු කළ බුද්ධි මෙහෙයුමකට අනුව, ශ්‍රී ලංකා නාවික නෞකා සමුදුර ගැඹුරු මුහුදු නිරීක්‍ෂණ නෞකාව ජාත්‍යන්තර මුහුදේ සති 02ක පමණ කාලයක් ආවේක්‍ෂණය කරමින් මෙම විශේෂ මෙහෙයුම සිදු කල බව නාවික හමුදාව පැවසීය.

අත්අඩංගුවට ගත් ‍හොරොයින් තොගයේ වටිනාකම රුපියල් මිලියන 3300කට අධික වෙතැයි විශ්වාස කරන බව නාවික හමුදාව පැවසීය 

අත්අඩංගුවට ගත් පුද්ගලයින් සමග හෙරොයින් තොගය මේ වන විට ගොඩබිම වෙත රැගෙන එන බවත් ඔවුන්ගෙන් සිදු කරන ප්‍රශ්න කිරීම්වලින් පසු මෙම හෙරොයින් තොගය පිළිබඳ වැඩිදුර තොරතුරු අනාවරණය කර ගත හැකි බව පොලිස් මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යාංශය ප්‍රකාශ කර තිබේ..

Werzuo Digital

Leave a Reply