පසුගිය වසරේ ගාල්ල දිස්ත්‍රික්කයෙන් මි උණ රෝගින් 476ක් සහ මරණ 06 වාර්තාවි ඇතැයි ගාල්ල දිස්ත්‍රික් ප්‍රජා වෛද්‍ය විශේෂඥ අමිල එරංග චන්ද්‍රසිරි මහතා පැවසිය..
ඒ මහතා මේ බව කියා සිටියේ මෙවර පැවති ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු රැස්විමේදි ප්‍රජා සෞඛ්‍ය පිළිබඳ කරුණු ඉදිරිපත් කරමිනි.
මේ පිළිබඳ වැඩි දුරටත් කරුණු පැහැදිලි කල ඒ මහතා මෙසේ කිය
“මි උණ රෝගය බොහෝවිට කුඹුරු වැඩ කරන ගොවින්ට පමණක් සෑදෙන බවට මතයක් තිබුනත් මේ වනවිට නාගරික ප්‍රදේශවලින් වාර්තා වෙනවා.නගර සභාවල සනිපාරක්ෂක කම්කරුවන්ටද මාලු වෙළඳ පොලවල් ආශ්රිත මාලු වෙළඳුන්ටද මි උණ රෝගය වැළඳිමට පුලුවනි.
එයට හේතුව ඒ ආශ්‍රිතවද මියන් ගැවසිමයි.පසුගිය වසරේ වාර්තාවු මරණ වලට හේතුව රෝගය මුල් අවස්ථාවේ නොළකා හැරිම සහ රෝහල් ගත නොවිම නිසයි.එනිසා වහාම මේ පිළිබඳ ජනතාව දැනුවත් කිරිමට අවශ්‍යයි.“