පැය 11ක් ගුවන් යානයක රෝදයක එල්ලී ගමන් ගත් අරුම පුදුම මිනිසා

දකුණු අප්‍රිකාවේ සිට නෙදර්ලන්තයේ දක්වා පියාසර කල භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක රෝදය සහිත කොටසේ සැඟවී ආ අනවසර සංක්‍රමණිකයකු නෙදර්ලන්ත හමුදා පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බව  විදෙස් මාධ්‍ය වාර්තා කලේය

දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් නුවර සිට Cargolux ගුවන් සේවයට අයත්  මෙම ගුවන් යානය භාණ්ඩ පටවා ගනිමින්  නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් වෙත පැමිණ තිබෙන අතර ඒ සඳහා පැය 11 ක් ගතවි ඇති බවද එම වාර්තා සදහන් කලේය.

අතරමඟදී භාණ්ඩ බෑම සහ පටවා ගැනීම සදහා මෙම යානය කෙන්යාවේ නයිරෝබි නුවරට ගොඩබා ඇත. 

මෙම පුද්ගලයා 22 හැවිරිදි කෙන්යානු ජාතිකයෙකු බව නෙදර්ලන්ත හමුදා පොලිසිය තහවුරු කර තිබේ.ඔහු නෙදර්ලන්තයේ සරණාගතභාවය සඳහා පැමිණ ඇත.  ඔහු දැනට රෝහලේ වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටින බවත් ඔහුගේ තත්ත්වය යහපත් බවත් නෙදර්ලන්ත හමුදා පොලිසිය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේය..

ඔහු දකුණු අප්‍රිකාවේ සිට පැමිණියාද නැතිනම් කෙන්යාවට කෙන්යාවේ සිට ගුවන් යානයට ගොඩවුවාද යන්න නෙදර්ලන්ත හමුදා පොලිසිය පරීක්‍ෂණ පවත්වයි.

පැය 11 ක් වැනි දිගු කාලයක් ගුවන් යානයක රෝදය සහිත කොටසේ කෙනෙකුට යෑම ඉතාමත් අසීරු බවත් ගුවන් යානය ඉහළින් පියාසර කරද්දී ඇතිවන දැඩි සීතල සහ ඔක්සිජන් නොමැතිවීම හේතුවෙන් එය මරු කැඳවන්නක් බවද එරට හමුදා පොලිසිය ප්‍රකාශ කර ඇත 

 

Werzuo Digital

Leave a Reply