කටාර්හි වෙඩි තැබිමකින් ශ්‍රි ලාංකීකයෙකු මරුට

දෝහා කටාර් හි අල් – වාබ් ප්‍රදේශයේ නිවාස සංකීර්ණයක් වෙත අනවසරයෙන් ඇතුළු වීමට උත්සාහ කළ තරුණ යුවළක් වැළැක්වීමට උත්සාහ කල ශ්‍රී ලාංකික ආරක්ෂක නිලධාරියෙකු වෙඩි පහරකට ලක්ව මියගොස් තිබෙන බව දෝහා නිවුස් ප්‍රවෘත්ති සේවය වාර්තා කර තිබේ.

පෙරේදා (26) රාත්‍රියේ තවත් තරුණියක සමඟ වාහනයකින් පැමිණි කටාර් තරුණයෙකු මෙම නිවාස සංකීර්ණයට ඇතුලුවීමට උත්සාහ කර ඇත එහිදි නිසි හැඳුනුම්පතක් ඉදිරිපත් කිරිම හේතුවෙන් ශ්‍රී ලාංකික ආරක්ෂක නිලධාරියා ඔවුන්ට ඒ සඳහා අවසර ලබාදී නොමැති අතර එහිදී එම තරුණයා ආරක්ෂක නිලධාරියා වෙත වෙඩි තබා පලාගොස් තිබෙන බව එම වාර්තා සදහන් කලේය.

ශ්‍රී ලාංකික ආරක්ෂක නිලධාරියා එම ස්ථානයේදීම මියගොස් ඇති අතර, තවත් ආරක්ෂක නිලධාරියෙකු තුවාල ලබා රෝහල්ගතකර තිබෙන බවත් පසුව එම සැකකාර තරුණයා අත්අඩංගුවට ගෙන ඇති බව එම වාර්තා වැඩිදුරටත් සදහන් කලේය..

Werzuo Digital

Leave a Reply