ලොව වාර්තා වූ වයස්ගතම ගෝරිල්ලා මියයයි (PHOTOS)

ලොව වාර්තා වූ වයස්ගතම බටහිර සිල්වර්බැක් ගෝරිල්ලා මිය ගිය බව එම සත්වයා වාසය කළ එක්සත් ජනපදයේ ජෝර්ජියා ප්‍රාන්තයේ ඇට්ලන්ටා සත්වෝද්‍යානය නිවේදනය කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය..

Ozzie නමින් හැඳින්වු මෙම
ගෝරිල්ලා මියයන විට වයස අවුරුදු 61 කි.

මෙම මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවද සත්වෝද්‍යාන බලධාරීන් පවසයි. එහෙත් මිය යාමට ආසන්න දින කිහිපයේදී Ozzie කෑම අරුචියෙන් පෙළුණු බවත් ඒ සමගම ඔහුට ආහාර කෑමේ කැමැත්ත ඇති කිරීමේ ක්‍රියාවන් සිදු කළ බවත් බලධාරීන් සඳහන් කරයි.

කෙසේ වෙතත් අවසන් පැය විසි හතරේ දී මෙම Ozzie සම්පූර්ණයෙන් ම දුර්වල තත්වයට පත්වූ බවත් ආහාර පාන ගැනීමට කිසිදු හැකියාවක් නොමැති තත්ත්වයට පත්වූ බවත් සත්වෝද්‍යානය පවසයි.

මෙම මරණය දැරිය නොහැකි පාඩුවක් බව සත්වෝද්‍යාන බලධාරීන් ප්‍රකාශ කර ඇත.

Ozzie ට පසුගිය වසරේදී කොවිඩ් ආසාදනය වු අතර පසුව සුවය ලැබිය.

Werzuo Digital

Leave a Reply