හික්කඩුව මුහුදේ පොකිරිස්සන් ඇල්ලු දෙදෙනාට රුපියල් 6,80,000ක් දඩ

හික්කඩුව වනජිවි උද්‍යානයේ නිති විරෝධි ලෙස පොකිරිස්සන් ඇල්ලිම සම්බන්ධයෙන් වරද පිළිගත් විත්තිකරුවන් දෙදෙනෙකුට ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජිවනි පතිරණ මහත්මිය එක් අයෙකුට රුපියල් තුන් ලක්ෂ හතළිස් දහස (3,40,000) බැගින් රුපියල් හය ලක්ෂ අසු දහසක (6,80,000) දඩ නියම කළාය.
මෙසේ දඩ නියම වුයේ හික්කඩුව පදිංචි විත්තිකරුවන් දෙදෙනෙකුටය.
විත්තිකරුවන් නිති විරෝධි ලෙස හික්කඩුව වනජිවි උද්‍යානයේ කිමිදි පෙරේදා (26) අලුයම් කාලයේ පොකිරිස්සන් අල්ලමින් සිටියදි පොකිරිස්සන් 13ක් සමග එවා ඇල්ලිමට යොදාගන්නා උපකරණ සමග අත් අඩංගුවට ගෙන එක් අයෙකුට චෝදනා අටක් යටතේ නඩු පවරා තිබින.
පෙර පුවත 👇
Werzuo Digital

Leave a Reply