වවුලන් අතර තිබි නව වෛරසයක් හමුවේ – චීන විද්‍යාඥයින්

කොරෝනා වෛරසයට වඩා භයානක විය හැකි බවට අනුමාන කරන NeoCoV
නම් කොරෝනා වර්ගයට අයත් නව වෛරසයක් දකුණු අප්‍රිකාවේ වෙසෙන වවුලන් ගෙන් හඳුනා ගත් බව චීනයේ වුහාන් රසායනාගාර විද්‍යාඥයින් ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
චීන පර්යේෂකයන් විසින් කරන ලද අධ්‍යයනයකට අනුව, දකුණු අප්‍රිකාවේ වවුලන් අතර පැතිර යන මෙම NeoCov වෛරසය තවදුරටත් විකෘති වුවහොත් අනාගතයේදී මිනිසුන්ට තර්ජනයක් විය හැකි බවද ඔවුන් ප්‍රකාශ කර ඇත 
චීන විද්‍යා ඇකඩමියේ සහ වුහාන් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් සඳහන් කළේ NeoCov වෛරසය දකුණු අප්‍රිකාවේ වවුලන් ගහනයක දක්නට ලැබෙන බවත් මෙම වෛරසය මෙතෙක් මනුෂ්‍යයින් අතරේ සම්ප්‍රේෂණය වන බවට හඳුනා ගෙන නොමැත. නමුත් මෙම වෛරසය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වී සෑම පුද්ගලයින් තිදෙනෙකු ගෙන් එක් අයෙක් මරණයට පත්විය හැකි බවද  චීන විද්‍යාඥයින් ප්‍රකාශ කර ඇත  
Werzuo Digital

Leave a Reply