ගාල්ලේ මෝටර් රථ කිහිපයක් ගැටී රිය අනතුරක් (PHOTOS)

ගාල්ල සමුද්‍ර මාවතේ අද (28) සවස සිදු වූ රිය අනතුරකින් වාහන කිහිපයකට හානි  සිදුවී ඇති බවත් තුවාල ලැබූ යතුරු පැදිකරුවෙකු බරපතළ තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කල බව ගාල්ල පොලීසිය පවසයි.
මාතර දෙස සිට පැමිණි මෝටර් රථයක් රියැදුරුට වේගය පාලනය කර ගත නොහැකිව යතුරු පැදියක සහ රථ වාහනවල ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ. සිද්ධියෙන් අදාල මෝටර් රථයට, යතුරු පැදියට සහ තවත් මෝටර් රථ හතරකට හානි සිදු වී තිබේ.
රිය අනතුර සිදුකළ මෝටර් රථයේ රියදුරු  සහ මෝටර් රථය පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද අතර රියදුරු බීමත්ව සිට ඇති බවද පොලිසිය පවසයි.
රිය අනතුරත් සමග ගාල්ල සමුද්‍ර මාවතේ දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබුණි 
Werzuo Digital

Leave a Reply