ශ්‍රී ලංකාවේ දුවන වාහන රත්තරන් වෙලා – AFP පුවත් සේවය

ශ්‍රී ලංකාවේ භාවිතයට ගන්නා මෝටර් රථ මේ වන විට රන් හා සමාන වී ඇති බව අන්තර්ජාතික AFP පුවත් සේවය වාර්තා කර තිබේ.

ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදය විසින් මේ වන විට මෝටර් රථවල මිල නිවාස වල මිලටත් වඩා ඉහළ ගොස් ඇති බවද AFP පුවත් සේවය සම්පාදනය කර ඇති එම වාර්තාවේ සඳහන් කර ඇත.

බෙහෙත් සහ ඉන්ධන මිල දී ගැනීමට අවශ්‍ය දේවල් ඉතිරි කර ගැනීම සඳහා රජයේ අත්‍යවශ්‍ය නොවන ආනයන පරාසයක් තහනම් කර ඇති බව එම වාර්තාවේ සදහන්ය..

වසර පහක් භාවිතා කරන ලද Toyota Land Cruiser වර්ගයේ ජීප් රථයක් මේ වනවිට රුපියල් මිලියන 62.5ක් (ඩොලර් 312,500ක්) වැනි අධික මිලකට අලෙවි වන අතර එය  ආනයනය තහනමට පෙර පැවැති මිල මෙන් තුන් ගුණයක් බවත් එම මුදලින් මධ්‍යම පාන්තිකයෙකුට කොළඹ නගරයෙන් සුඛෝපභෝගී මහල් නිවාසයක් මිලදී ගැනීමට හැකියාව පවතින බවත් එම වාර්තාවේ වැඩිදුරටත් පෙන්වා දී තිබේ 

Werzuo Digital

Leave a Reply