වරකාපොළ රිය අනතුරකින් දරුවෙකු ඇතුළු තිදෙනකු මරුට

කොළඹ – කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ වරකාපොළ තුල්හිරිය ඇගළුම් කර්මාන්තපුරය ආසන්නයේ දී ඊයේ (01) දහවල් බස් රථයක ත්‍රිරෝද රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් තිදෙනකු මිය ගොස් තවත් 03 දෙනකු බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි වරකාපොළ පොලිසිය පවසයි.

මෙලෙස මිය ගොස් ඇත්තේ බේරුවල, චීනකොටුව කන්ගනන්ගොඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 10 ක පිරිමි දරුවකු, ත්‍රිරෝද රථයේ රියදුරු සහ තවත් පුද්ගලයකු බව පොලිසිය පවසයි.

අනතුර සිදු වන අවස්ථාවේදී ත්‍රිරෝද රථයේ හය දෙනකු ගමන් කර ඇත. රියැදුරු සහ දරුවා රෝහලට ඇතුලත් කරන විටත් මියගොස් සිටි බවත් තුවාලකරුවන් වැඩිදුර ප්‍රතිකාර සදහා කෑගල්ල මහ රෝහලට ඇතුලත් කර ඇති අතර එහි දි පුද්ගලයකු මියගොස් තිබේ..

ත්‍රිරෝද රථයේ ඥාතීන් පිරිසක් බේරුවල සිට කුරුණෑගල ප්‍රදේශයේ හිතවතකුගේ නිවසකට ගොස් ආපසු බේරුවල බලා ගමන් කරමින් සිටිය දී මෙම අනතුර සිදුව තිබේ.

Werzuo Digital

Leave a Reply