අද (01) පස්වරුවේ ගාල්ල මහමෝදර මෝය කට අසල මුහුදේ දැවැන්ත කිඹුලෙකු සිටිනු දුටු බව ප්රදේශවාසීන් පැවසීය.
අඩි දහයත් පහළොවත් අතර පමණ දිගකින් යුත් මෙම කිඹුලා මහමෝදර ගඟ මුහුදට වැටෙන මෝය කට අසල මුහුදට වන්නට සිටි බවයි ප්රදේශවාසීන් සඳහන් කළේ
විනාඩි කිහිපයක් පමණ ජලය මතුපිට සිට එම කිඹුලා නොපෙනී ගිය බව ප්රදේශවාසීන් සඳහන් කල අතර මින් පෙර කිසිම දවසක මහමෝදර ගඟේ කිඹුලන් නොසිටි බවත් එම නිසා මෙය බොහෝ දුරට පසුගිය දිනවල ගාලු මුහුදේ සැරිසැරූ කිඹුලෙකු විය හැකි බව සැකකරන බවයි ප්රදේශවාසීන් සඳහන් කළේය
පෙර පුවත් සඳහා 👇