ගාල්ලේ රතිඤ්ඤා කම්හලක ගින්නක්

ගාල්ල දඩල්ලේ පිහිටි රතිඤ්ඤා නිෂ්පාදනය කරන කම්හලක අද (02) දහවල් ඇතිවු ගින්නකින් රතිඤ්ඤා කම්හල තිබු මඩුව සම්පුර්ණයෙන්ම ගිනිගෙන විනාශවි ඇති බව ගාල්ල පොලිසිය පවසයි.
ගින්නෙන් එහි සේවය කරමිනි සිටි එක් අයෙකු සුළු තුවාල ලබා රෝහල් ගත කර ඇත. ගින්න වාර්තාවිමත් සමග ගාල්ල මහ නගර සභාවේ ගිනි නිවිම් ඒකකය ගොස් ගින්න නිවිමට කටයුතු කර තිබේ.
ගින්නෙන් රතිඤ්ඤා කම්හලට හානි සිදුවුවද වෙඩි බෙහෙත් ගබඩාවට හානියක් වි නොමැති බවද පොලිසිය පවසයි.
ගින්නට හේතුව අනාවරණය වි නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල පොලිසිය පරික්ෂණ පවත්වා ගෙන යනු ලැබේ.
Werzuo Digital

Leave a Reply