බලාගාර ජලාශවල ජල මට්ටම 54% දක්වා අඩුවෙලා

පවතින වි විට සියයට 54 දක්වා අඩුවී තිබෙන බව විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය සඳහන් කරයි ඊයේ (01) දිනය වනවිට සියයට 54 දක්වා අඩු වී තිබෙන බව විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය සඳහන් කරයි

මේ අනුව ජලවිදුලි නිෂ්පාදනය සමස්ථ විදුලි අවශ්‍යතාවයෙන් සියයට 28 දක්වා අඩු වී තිබෙන බව එම සංගමයේ කමිටු සාමාජික එරන්ද කුඩාහේවා මහතා පැවසීය.

මේ අනුව කාසල්රි ජලාශයේ ජල මට්ටම  40% දක්වා අඩු වී තිබෙන බවත්, මාවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම 53% දක්වාත්, කොත්මලේ ජලාශයේ ජල මට්ටම 64% දක්වාත්, වික්ටෝරියා ජලාශයේ ජල මට්ටම 50% දක්වාත්, රන්දෙණිගල ජලාශයේ ජල මට්ටම 83% දක්වාත් අඩු වී තිබෙන බවත් එම සංගමය පවසා සිටියේය.

මීට අමතරව සමනල වැව ජලාශයේ ජල මට්ටම 46% දක්වාත් අඩු වි තිබෙන බවත්, ජල මට්ටම් සැලකීමේදී ඉදිරියේදී ජල විදුලිය නිෂ්පාදනය පිළිබඳ අවදානමක් ඇති වී තිබෙන බවත් එම සංගමය සඳහන් කළේය.

අද 

Werzuo Digital

Leave a Reply