දකුණු පළාතේ කොවිඩ් මධ්‍යස්ථානවල සිට සිසුන් 08 දෙනෙකු උසස් පෙළ විභාගයට

අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනි සිටින කොරෝනා ආසාදිත සිසු සිසුවියන් සඳහා සුදානම්කර තිබු දකුණු පළාතේ රෝහල් තුනේ  විභාග මධ්‍යස්ථානවලදී  විභාගය  ආරම්භ වු (07) දිනයේ සිසුන් අට දෙනෙකු විභාගයට පෙනි සිටි බව  දකුණු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ නිමල් දිසානායක මහතා පැවසිය.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ හම්බන්තොට මහ රෝහලේ විභාග මධ්‍යස්ථානයේ සිසුන් දෙදෙනෙක්ද මාතර දිස්ත්‍රික්කයේ කඹුරුගමුව රෝහලේ විභාග මධ්‍යස්ථානයේ සිසුන් දෙදෙනෙක්ද ගාල්ල දිස්ත්‍රික්කයේ කරන්දෙණිය රෝහලේ විභාග මධ්‍යස්ථානයේ  සිසුන් හතර දෙදෙනක්ද මෙසේ විභාගයට පෙනිසිට ඇත.
මෙම මධ්‍යස්ථාවලදි සෞඛ්‍යාරක්ෂිත ක්‍රම යටතේ දරුවන්ට විභාගයට පෙනි සිටිම සඳහා පහසුකම් සළසා ඇති බවත් විභාග කාර්ය මණ්ඩලයට අමතරව වෛද්‍යවරුන් දෙදෙනෙක් සිටින බවද නිමල් දිසානායක මහතා වැඩි දුරටත් පැවසිය.
Werzuo Digital

Leave a Reply