පසුගිය වසරේ ගාල්ලේ රිය අනතුරුවලින් 68 දෙනෙකුට දිවි අහිමිවෙයි

ගාල්ල පොලිස් අධිකාරි කොට්ඨාසයට අයත් පොලිස් බල ප්‍රදේශ 17 තුල පසුගිය 2021 වසරේ සිදු ඇති රිය අනතුරු 418 කින්  පුද්ගලයින් 68 දෙනෙකු මියගොස් 130 දෙනෙකුට බරපතල තුවාලද, 159 දෙනෙකු  සුළු තුවාලද ලබා ඇතැයි ගාල්ල කොට්ඨාස රථ වාහන අංශය පවසයි.
මෙම මරණවලින් වැඩි සංඛ්‍යාවක් වාර්තා වන්නේ හබරාදුව පොලිස් වසමෙන් වන අතර එම සංඛ්‍යාව 13කි. ගාල්ල පොලිස් වසමෙන් වාර්තාවි ඇති රිය අනතුරු මරණ සංඛ්‍යාව 10කි. රත්ගම පොලිස් වසමෙන් මරණ 5ක්ද හික්කඩුව පොලිස් වසමෙන් මරණ 4ක්ද වරාය පොලිස් වසමෙන් මරණ 3ක්ද අහංගම පොලිස් වසමෙන් 3ක්ද ඉමදුව පොලිස් වසමෙන් මරණ 3ක්ද අක්මිමණ පොලිස් වසමෙන් මරණ 4ක්ද පෝද්දල පොලිස් වසමෙන් මරණ 3ක්ද වඳුරඹ පොලිස් වසමෙන් මරණ 3ක්ද යක්කලමුල්ල පොලිස් වසමෙන් මරණ 4ක්ද නාගොඩ පොලිස් වසමෙන් මරණ 2ක්ද හිනිදුම පොලිස් වසමෙන් මරණ 4ක්ද නෙළුව පොලිස් වසමෙන් මරණ 4ක්ද තෝනාපිනුවල පොලිස් වසමෙන් මරණ 2ක්ද උඩුගම පොලිස් වසමෙන් එක් මරණයක්ද වාර්තා වි ඇත.
ගාල්ල කොට්ඨාස රථ වාහන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක අනුජ ලංකාදේව මහතා පැවසුවේ වාහන රියදුරන්ගේ වැරදි මෙන්ම පදිකයින්ගේද වැරදි නිසා මෙම අනතුරු සිදුව ඇති බවය
Werzuo Digital

Leave a Reply