2021 වසරේ අධිවේගී මාර්ගවල රිය අනතුරු 461ක් – 09 දෙනෙකු මරුට

මෙරට අධිවේගී මාර්ග පද්ධතිය තුළ මේ වන විට බහුල වශයෙන් රිය අනතුරු සිදු වන බවත් 2020 වසරට සාපේක්ෂව 2021 වසර තුළ සිදු වූ රිය අනතුරු සංඛ්‍යාවේ සීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරන බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු  මහතා ප්‍රකාශ කරයි.  
2021 වසරේ දී අධිවේගී මාර්ග වල සිදු වූ සමස්ථ රිය අනතුරු සංඛ්‍යාව 461 ක් වන අතර පින්නදූව, අපරැක්ක, කුරුඳුගහහැතැක්ම, අගුණකොලපැලැස්ස, අතුරුගිරිය සහ ගැලනිගම යන ස්ථානයන් හිදී මාරක රිය අනතුරු 07 සිදු වී ඇති අතර ඉන් 09 දෙනෙක් ජීවිතක්ෂයට පත් වී ඇත. 
2020 වර්ෂය තුළ අධිවේගී මාර්ග වල සිදු වූ සමස්ත රිය අනතුරු සංඛ්‍යාව 308 කි. ඉන් මාරක රිය අනතුරු 05 ක් ගැලනිගම සහ කුරුඳුගහහැතැක්මේදී සිදු වූ අතර එයින් 05 දෙනෙකු ජීවිතක්ෂට පත් ඇත. 
අධිවේගී මාර්ගවල සිදු වූ රිය අනතුරුවලින් බහුතරයක් සිදු වී ඇත්තේ රියදුරුට නින්ද යාම නිසා බැවින් රියදුරන්ට අධිවේගී මාර්ග වල ගිමන් හැරීම සඳහා ගිමන් හරින ස්ථාන ඉදිකිරීම කෙරෙහි අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අවධානය යොමු කර ඇත
බීමත්ව රිය පැදවීම, අපරික්ෂාකාරී සහ අන්තරාදායක ලෙස රිය පැද වීම,  වේග සීමා උල්ලංඝණය කිරීම, ආසන පටි නොපැලඳ ධාවන කිරීම, ජංගම දුරකථනයෙන් කථා කරමින් රිය ධාවන කිරීම, ආදායම් බලපත්‍ර නොමැතිව ධාවන කිරීම වැනි ක්‍රියා සිදු කළ රියදුරන් අධිවේගී මාර්ගවල පිටවීමේ දොරටු අසල අත්අඩංගුවට ගෙන ඔවුන්ට විරුද්ධව  2021 වර්ෂයේ දී නඩු 79,904 ක් නඩු පවරා ඇත. 
මාස 6 ක් ඇතුලත අධිවේගී මාර්ගවල සිදුවන රිය අනතුරු වලක්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චින්තක ගුණරත්න මහතාට මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු  මහතා උපදෙස් ලබා දී තිබේ 
Werzuo Digital

Leave a Reply