මුදල් පසුපස හඹායන කාලයක හික්කඩුවෙන් මතුවු මනුස්සකම

මුදල් පසු පස හඹායන බහුතරයක් මිනිසුන් සිටින සමාජයක පුද්ගලයෙකු විසින් කරන ලද යහපත් ක්‍රියාවක් හික්කඩුව පොලිසියේදි පසුගියදා වාර්තා විය. මෙම සිද්ධියට සම්බන්ධ පුද්ගලයා හික්කඩුව පන්විල පදිංචි එම්.ඩබ්ලිව්.ආනන්ද බන්දුසේන යන අයෙකි.
පසුගියදා හික්කඩුව නගරයේ පාරේ වැටි තිබු මුදල් පසුම්බියක් අහුලාගත් ඔහු එය බැලුවේය. රියදුරු බලපත්‍රයක් මුදල් රුපියල් 30,000කට අධික ප්‍රමාණයක් ඇතුලු තවත් වටිනා ලියුම් කිහිපයක් එහිවිය.
ඔහු වහාම එය රැගෙනවිත් හික්කඩුව පොලිස් ස්නාධිපතිවරයාට බාර දුන්නේය. 
පසුව වහා ක්‍රියාත්මකවු පොලිස් ස්ථානාධිපතිවරයා එහි අයිතිකරු සෙයන ලෙසට පොලිස් පරික්ෂක පාලිත රාමසිංහ මහතාට උපදෙස් දුන්නේය.
ඒ අනුව ඒ මහතා එහි තිබු දුරකතන අංකයකට සහ රියදුරු බලපත්‍රයේ ලිපිනයට දැනුම් දි අයිතිකරුවන වාහල කනංකේ පදිංචි රංජිත් සඳරුවන් යාපා යන අය ගෙන්වාගෙන එය බාර දිමට පියවර ගත්තේය…
(හික්කඩුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක තිලක් පල්ලියගුරුගේ මහතා ඉදිරියේදි ආනන්ද බන්දුසේන මහතා (දකුණු පස) මුදල් පසුම්බිය අයිතිකරුට බාරදුන් අවස්ථාව ඉහළ ඡායාරූපයෙන් දැක්වේ)

Werzuo Digital

Leave a Reply