ගාල්ලේ පාසල් නොයන ළමයි පිළිබඳ තොරතුරු එක්රැස් කෙරේ

පාසල් නොයන ළමයින් පාසල් ගත කිරිමට වැඩ සටහනක් සකස් කිරිම සඳහා එම ළමයින් පිළිබඳ තොරතුරු එක්රැස් කිරිම ආරම්භ කර ඇතැයි ගාල්ල කොට්ඨාස ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපතිනි ප්‍රධාන පොලිස් පරික්ෂිකා ඒ.අල්ගෙවත්ත මහත්මිය පැවසුවාය.
ඒ මහත්මිය පැවසුවේ දැනට එසේ ලබාගෙන ඇති තොරතුරු අනුව මේ වනවිට පාසල් නොයන ළමයින් වැඩි වශයෙන්ම වාර්තා වි ඇත්තේ ඉමදුව, යක්කලමුල්ල, අහංගම යන කොට්ඨාසවල බවය.
සමහර ළමයින් කඩින් කඩ පාසල් යන අතර සමහර ළමයි අතර මග පාසල් ගමන නතර කර ඇති බවද එනිසා   අපරාධ අවම යහපත් සමාජයක් සඳහා දරුවන් යලිත් පාසල් යැවිම වැඩ සටහනේ අරමුණ බවද ඒ මහත්මිය පැවසුවාය.
ආර්ථික අපහසුකම් නිසා පාසල් ගමන නතර කර ඇති සිසුවියන් සඳහා සුදු ගවුම් සුදු සපත්තු ආදිය ලබාදී ඔවුනගේ සුබ සාධන කටයුතු කිරිමට බලාපොරොත්තු වන බවද ප්‍රධාන පොලිස් පරික්ෂිකා ඒ.අල්ගෙවත්ත මහත්මිය වැඩිදුරටත් පැවසුවාය.
Werzuo Digital

Leave a Reply