පිළිස්සුම් තුවාල ලැබූ පොලිස් සැරයන්වරිය මිය යයි

ගාල්ල – ගෝනපීනුවල ප්‍රදේශයේ දී සිය සැමියා විසින් සිදුකල ගිනි තැබිමකින් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තා පොලිස් සැරයන්වරිය මිය ගොස් තිබෙන බව පොලිසිය පවසයි.

බරපතළ තත්ත්වයේන් බලපිටිය මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (09) පෙරවරුවේ මෙලෙස මියගොස් ඇත

ගෝනපීනුවල පොලිසියට අනුයුක්තව සේවය කල මෙම පොලිස් සැරයන්වරිය පසුගියදා සේවය නිම කර නිවසට පැමිණි අවස්ථාවේ ඇති වූ ආරවුලක් මත සැමියා විසින් මෙම ගිනි තැබිම සිදු කර ඇති බව පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබේ.

පසුව රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටි සැමියා රිමාන්ඩ් කිරිමට බද්දේගම මහේස්ත්‍රාත් අධිකරණය පසුගියදා නියෝග කර තිබේ.

Werzuo Digital

Leave a Reply