යුක්‍රේනයට එරෙහි රුසියානු ආක්‍රමණය ඕනෑම මොහතක

රුසියාව ඕනෑම අවස්ථාවක යුක්රේනය ආක්‍රමණය කරනු ඇතැයි ද අමෙරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර රටවල් අනතුරු අඟවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

කෙසේ නමුත් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මේ සම්බන්ධයෙන් තවමත් අවසන් තීරණයක් ගෙන නැතැයි ද බුද්ධි තොරතුරු උපුටා දක්වමින් අමෙරිකා එක්සත් ජනපදයේ ජාතික ආරක්ෂක උපදේශකවරයා ප්‍රකාශ කර ඇතැයි එම වාර්තා සඳහන් කළේ ය 

යුක්රේනයට එරෙහි රුසියානු ආක්‍රමණයක් එන්න එන්නම ආසන්න බව බටහිර බුද්ධි අංශ නිලධාරීන් අනතුරු අඟවා තිබෙන බවත් මේ වන විට රුසියාව තුන් පැත්තකින් යුක්රේනය කොටුකර ඇතැයි එම වාර්තා සදහන් කළේය 

රුසියානු හමුදා බෙලරුස් රාජ්‍යයේ, ක්‍රිමියා අර්ධද්වීපයේ සහ යුක්රේන දේශ සීමා අසල ස්ථානගත කරමින් මෙසේ යුක්රේනය කොටුකර ඇතැයි එම වාර්තා පෙන්වා දෙයි.

රුසියාව යුක්රේනය ආක්‍රමණය කළහොත් රුසියාවට දැඩි වන්දියක් ගෙවීමට සිදුවනු ඇතැයි ඇමරිකානු ජනාධිපති ජෝයි බයිඩන් අනතුරු අඟවා ඇති බව එම වාර්තා සඳහන්  කළේය.

මේ වන විට බෙලරුස් රාජ්‍යයේ සහ ක්‍රිමියා අර්ධද්වීපය අසල කලු මුහුදේ රුසියා යුද අභ්‍යාස ආරම්භ වී ඇත. කලු මුහුදේ නාවික යුද අභ්‍යාස හේතුවෙන් යුක්රේනයේ නාවික හා ගුවන් කටයුතු වලටත් බාධා එල්ල වී ඇත.

නාවික යුද අභ්‍යාසයට රුසියානු යුද නෞකා 30 පමණ සහභාගී වී ඇති අතර යුද ටැංකි, කාලතුවක්කු, සන්නද්ධ වාහන සහ අනෙකුත් යුද උපකරණ රුසියාවේ යෙල්නා හමුදා  කඳවුරෙන් යුක්රේන දේශ සීමා දෙසට ගමන් ආරම්භ කර ඇතැයි එම වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.

මේ වන විට ඇමෙරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, නවසීලන්තය, ඔස්ට්‍රේලියාව, ඉතාලිය, ඊශ්‍රයාලය, නෙදර්ලන්තය සහ ජපානය ඇතුළුව රටවල් 12 ක් පමණ තම පුරවැසියන්ට යුක්රේනයෙන් වහාම ඉවත් වන ලෙස දැනුම් දී ඇත. 

රුසියාවද වැඩිවෙන යුද උණුසුම හමුවේ තම රාජ තාන්ත්‍රිකයන් යුක්රේනයෙන් ඉවත් කරගනිමින් සිටින අතර රුසියාවේ යුක්රේන දේශසීමා අසල පමණක් 137,000 රුසියානු හමුදාවක් ස්ථානගත වී සිටින බව එම වාර්තා පෙන්වා දෙයි.

මේ වන විට යුක්රේනය තුල පිහිටි තානාපති කාර්යාල ඉවත් කර ගැනීමට රටවල් රැසක් ක්‍රියා කරමින් සිටින බව ද බවද එම වාර්තා සඳහන් කරයි.

Werzuo Digital

Leave a Reply