මිරිස්ස ධිවර වරායෙන් මුහුදු ගිය ධීවර යාත්‍රාවක ස්කිපර්වරයා යාත්‍රාවේ සිටි ධිවරයින් හතර දෙනාට පහරදි වෙනත් යාත්‍රාවක නැගි පළාගොස් ඇති බවත් පහරකෑමට ලක්වු ධිවරයින් හතර දෙනා අද (16) කරාපිටිය රෝහලට ඇතුලත් කළ බව වරාය පොලිසිය පවසයි.
මෙලෙස පහරකෑමට ලක්ව ඇත්තේ හබරාදුව තල්පෙ ප්‍රදේශයේ ධිවරයන් හතර දෙනෙකි
ස්කිපර්වරයා සහ ධිවරයන් හතර දෙනා අතර යාත්‍රාව තුලදි ඇතිවු ආරවුක් හේතුවෙන් ස්කිපර්වරය මෙසේ පහරදි ඔවුන් මුහුදේ අතරමං කොට වෙනත් යාත්‍රාවක නැගි පලා ගොස් ඇති බව අනාවරණයවි ඇතැයිද පොලිසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් වරාය පොලිසිය පරීක්ෂණ පවත්වා ගෙන යනු ලබයි