ගාල්ලට ආසන්න ගැඹුරු මුහුදේ රෝගී වූ ධීවරයා බේරාගැනේ

ගාල්ල සිට නාවික සැතපුම් 115 නාවික සැතපුම් (213ක් පමණ) දුරින් වු ගැඹුරු මුහුදු ප්‍රදේශයේ දී හදිසි රෝගී තත්වයකට ලක්වූ මෙරට බහුදින ධීවර යාත්‍රාවක ධීවරයෙකු ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සදහා අද (21) උදෑසන ගාල්ල, කරාපිටිය රෝහලට ඇතුලත් කල බව නාවික හමුදාව පවසයි.
ගාල්ල ධීවර වරායෙන් පසුගිය 08 වන දින ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබූ බහු දින ධීවර යාත්‍රාවක සිටි ධීවරයෙකු හදිසියේ රෝගි තත්ත්වයට ලක්වී ඇති බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව විසින් නාවික හමුදා සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් මධ්‍යස්ථානය වෙත දැනුම් දී තිබේ.
ඒ අනුව ක්‍රියාත්මක වූ නාවික හමුදාව වේග ප්‍රහාරක මුර යාත්‍රාවකින් රෝගී තත්ත්වයේ සිටි ධීවරයා වෙත ප්‍රථමාධාර ලබා දෙමින් කඩිනමින් ගාල්ල වරාය වෙත රැගෙන විත් වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය රෝහලට ඇතුලත් කර ඇත.
Werzuo Digital

Leave a Reply