විදේශීකයෙකුගේ ඩොලර් 100 නොට්ටුවක් සොරකම් කල පුද්ගලයකුට ඇප

උණවටුන සංචාරක හෝටලයක නතරව සිටි විදේශිකයෙකුගේ ඩොලර් 100 නොට්ටුවක් සොරකම් කිරිම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කල හෝටල් සේවකයෙකු රුපියල් ලක්ෂ දෙකක ශරිර ඇප මත මුදා හැරිමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා සිකුරාදා (18) නියෝග කලේය
මෙසේ ඇපමත මුදා හරිනු ලැබුවේ ගෝනාපිනුවල පදිංචි තරුණයෙකි.
විදේශිය සංචාරකයා ඩොලර් මිටියක් සහිත බෑගයක් කාමරයේ තබා පිටව ලොස් නැවත සවස පැමිණ බලනවිට ඩෙලර් 100 නොට්ටුවක් අඩු බව දැනගෙන් ආරක්ෂක නිලධාරින්ට දැනුමදි ඇති අතර පසුව හෝටලයේ පාලනාධිකාරියට දැනුම්දි පොලිසියට පැමිණිලි කර තිබේ
පසුව පොලිස් නිලධාරින් පැමිණ එදින විදේශිකයාගේ කාමරය පිරිසිදු කරන ලද සේවකයා අත් අඩංගුවට ගෙන ඇති අතර සැකකරු සන්තකයේ තිබි ඩොලර් නොට්ටුවද සොයාගෙන තිබේ.
Werzuo Digital

Leave a Reply