ගාල්ල, උණවටුන යද්දේහිමුල්ල හන්දියේදි අද (23) උදෑසන සිදුවු මාරක අනතුරකින් තරුණයෙක් මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුලත් කල බව හබරාදුව පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ රත්ගම මාවඩවිල පදිංචි 25 හැවිරිදි තරුණයෙකි.
මියගිය අය යතුරු පැදියෙන් ගාල්ල සිට මාතර දෙසට යමින් සිටියදි යද්දේහිමුල්ල හන්දියේදි මාතර දෙස සිට පැමිණි යතුරු පැදියක මුහුණට මුහුණලා හැපිමෙන් ඔහු පාරට වැටි ඇති අතර ඒ සමගම පිටු පසින් ගිය සිමෙන්ති ලොරියකට යටවි ඇත.
යතුරුපැදියේ සිටි දෙදෙනා බරපතල තුවාල සහිතව ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇත
අනතුරට සම්බන්ධ ලොරියේ රියදුරා අත් අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් හබරාදුව පොලිසිය විසින් පරික්ෂණ පවත්වා ගෙන යනු ලැබේ.