යතුරුපැදිය පෙරලි රුසියානු යුවල රෝහලට

ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ ගිංතොට ප්‍රදේශයේ දී යතුරු පැදියක් පෙරලිමෙන් තුවාල ලැබූ රුසියානු ජාතික යුවලක් ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කළ බව ගාල්ල පොලීසිය පවසයි.
මෙම රුසියානු යුවළ හික්කඩුව සිට ගාල්ල දෙසට යතුරු පැදියෙන් ගමන් කර ඇත. කොළඹ දෙස සිට හික්කඩුව දෙසට ධාවනය වෙමින් තිබූ ත්‍රිරෝද රථයකට පිටුපසින් මෙම යතුරුපැදිය ගමන් කර තිබෙන අතර ත්‍රිරෝද රථයේ තිරිංග යෙදිමත් සමග පිටුපසින් ගිය මෙම යතුරුපැදිය එකවරම පාලනය කරගත නොහැකිව පෙරලි තිබේ.
ඒ සමගම අවට සිටි පිරිස් විසින් තුවාලකරුවන් දෙදෙනා වහාම රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබේ. ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බවත් අත් හා පාදවලට තුවාල සිදුවී ඇති බව කරාපිටිය රෝහලේ ප්‍රකාශකයකු පැවසීය.
Werzuo Digital

Leave a Reply