යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී ඊයේ (28) රාත්‍රියේ දී ගෝනපීනුවල මාජුවාන හන්දිය ප්‍රදේශයේ දී සුනඛයෙකු පාර හරහා පැනීම හේතුවෙන් සිය යතුරු පැදිය පාලනය කර ගත නොහැකිව අනතුරට ලක්ව උප පොලිස් පරික්ෂකවරයෙකු තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුලත් කල බව ගෝනාපිනුවල පොලිසිය පවසයි.
මෙලෙස අනතුරට පත්ව තුවාල ලබා ඇත්තේ රත්ගම පොලිස් රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා බවද පොලිසිය පවසයි.
සිය සේවය නිමා කර නිවස බලා ගමන් ගනිමින් සිටියදි එකවරම සුනඛයකු මාර්ගය හරහා පැනිම හේතුවෙන් යතුරු පැදිය පෙරලි මෙම අනතුර සිදුව තිබෙන බවද පොලිසිය පවසයි.
අනතුර සම්බන්ධයෙන් ගෝනපීනුවල පොලිසිය පරික්ෂණ පවත්වාගෙන යනු ලබයි.