බාල වයස්කාර පිරිමි ළමයෙකු ලිංගික අපයෝජනය කල කාන්තාවක් රිමාන්ඩ්

13 හැවිරිදි බාල වයස්කාර පිරිමි ළමයෙකු නිත්‍යානුකුල භාරකාරත්වයෙන් අපහරණය කොට බරපතල ලිංගික අපයෝජනයට යොදවා ගැනිම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද කාන්තාවක් ලබන 14 වනදා දක්වා රිමාන්ඩ් කිරිමට ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජිවනී පතිරණ මහත්මිය නියෝග කළාය.
මෙම පිරිමි ළමයා ඔහුගේ දෙමව්පියන්ට බාර දිමටත් සැකකාරියගේ ළමයින් තිදෙනා ඔවුන්ගේ පියාට බාර දිමටත් මහේස්ත්‍රාත්වරිය නියෝග කලාය..
මෙසේ රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබුවේ 29 හැවිරිදි තිදරු මවකි.
සැකකාරිය පවුල් ආරවුලක් හේතුවෙන් ටික දිනකට පෙර හික්කඩුව ප්‍රදේශයේ නිවසකට පැමිණ නතරව ඇත. එසේ සිටියදි එම නිවසේ සිටි මෙම බාල වයස්කාර පිරිමි ළමයා අපයෝජනයට යොදවාගෙන ඇති අතර පසුව ළමයා සමග විවිධ ප්‍රදේශවලට ගොස් තිබේ.
පසුව ඔවුන්ගේ අතුරුදහන්විම සම්බන්ධයෙන් ළමයාගේ මව හික්කඩුව පොලිසියට පැමිණිලි කර ඇත. ඒ අනුව පරික්ෂණ පවත්විමන් සිටි පොලිසිය කාන්තාව සහ ළමයා කුරුණෑගල ගොස් පැමිණෙමින් සිටියදි අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබේ.
Werzuo Digital

Leave a Reply