ගැටුමක් බේරන්න ගිය මවක් පිහි පහරින් මරුට

ඇල්පිටිය පිටිගල, වැයිහේන ප්‍රදේශයේදී පෙරේදා (02) රාත්‍රියේ තිදරු මවක් තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර ඇතැයි පිටිගල පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ වැයිහේන පදිංචි 46 හැවිරිදි කාන්තාවකි.

මියගිය කාන්තාවගේ පුතුන් දෙදෙනෙකු ද මෙම ගැටුමෙන් තුවාල ලබා ඇල්පිටිය මූලික රෝහලට ඇතුළත් කළ බව පොලිසිය පවසයි.

දෙපිරිසක් අතර ඇතිවූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් ගැටුම හටගෙන ඇති බවත් ඒ අතර මියගිය කාන්තාවකගේ පුතුන් දෙදෙනෙකු සිට ඇති බවත් ආරවුල විසඳීමට මව ගිය විට එක් පාර්ශ්වයක් තියුණු ආයුධයකින් ඇගේ ගෙලට පහරදී ඇති බවත් පොලිසිය පවසයි.

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් ප්‍රදේශයෙන් පළාගොස් ඔවුන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති බවත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ඇල්පිටිය පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන ලබයි 


ලංකාදීප
Werzuo Digital

Leave a Reply