කොවිඩ් සිරුරු ඕනෑම සුසාන භූමියක භූමදානයට අවසර

කොවිඩ්  වැළඳී මිය ගිය පුද්ගලයන්ගේ මළසිරුරු මින් ඉදිරියට  මෙරට ඕනෑම සුසාන භූමියක වැළලීමට සෞඛ්‍ය අමාත්‍යාංශය අවසර ලබා දී ඇත.

මෙයට අදාල විශේෂ චක්‍රලේඛය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා විසින් නිකුත් කරනු ලැබීය.

අධිකරණ වෛද්‍ය විශේෂඥයන්ගෙන් සමන්විත කමිටුවක් මගින් දෙනු ලැබූ  නිර්දේශ සහ කාලීන අවශ්‍යතා සැලකිල්ලට ගෙන මෙම තීරණයට එළඹි බව කොවිඩ් 19 සම්බන්ධීකාරක වෛද්‍ය අන්වර් හම්දානි මහතා ප්‍රකාශ කර ඇත..

Werzuo Digital

Leave a Reply