ගාල්ල බස් නැවතුම්පොල ඉදිරිපිට සේලක ගොඩනැගිල්ලේ අද (07) උදැසන ඇතිවු ගින්නකින් ජංගම දුරකතන වෙළඳ සලකට සහ බටහිර ඖෂධ ශාලාවකට හානි සිදුව ඇතැයි ගාල්ල පොලිසිය පවසයි.
උදැසන විදුලි බලය විසන්ධි කිරිම නිසා ජංගම දුරකතන වෙළඳසලේ විදුලි ජනක යන්ත්‍රය ක්‍රියාත්මක කිරිමේදි ඇතිවු විදුලි කාන්දුවකින් ගින්න හටගෙන ඇත.
ගාල්ල මහ නගර සභාවේ ගිනි නිවිම් ඒකකය පැමිණ ගින්න නිවා දැමිමට පියවර ගන්නා ලදී. ගාල්ල පොලිසිය විසින් වැඩි දුර පරික්ෂණ පවත්වා ගෙන යනු ලැබේ.