සහෝදරයින් දෙදෙනෙකු අතර ගැටුමකින් එක් අයෙක් මරුට

හබරාදුව, කොග්ගල – මෝදරගොඩ ප්‍රදේශයේ දී එක ම පවුලේ සහෝදරයින් දෙදෙනෙකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් අද (07) එක් අයෙකු මියගොස් තිබෙන බව හබරාදුව පොලිසිය පවසයි 

ධීවරයින් වන මොවුන් දෙදෙනා අතර කළක පටන් බෝට්ටුවක් සම්බන්ධයෙන් පවතින ආරවුලක් ගැටුමට හේතු වී ඇති බව අනාවරණය වි ඇතැයි පොලිසිය පවසයි.

සැකකරු බීමත් ව පැමිණ අලුයම සිය සහෝදරයාට පහර දී අසල පිහිටි කොග්ගල ඔයට දමා ඇති බවත්, අසල්වාසීන් ඔහුව කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරු ව එම පුද්ගලයා ජීවිතක්ෂයට පත් වී තිබේ.

ඝාතනයට සම්බන්ධ සැකකරු මේ වනවිට ප්‍රදේශය අතහැර පලා ගොස් ඇති අතර, ඔහු ව අත්අඩංගුවට ගැනීම සඳහා හබරාදූව පොලිසිය විමර්ශනයක් ආරම්භ කර ඇත..

Werzuo Digital

Leave a Reply