හෙරොයින් ජාවාරම්කරුවෙකු වන නදුන් චින්තක හෙවත් හරක් කටා නැමැත්තාගේ ගෝලයෙකු රුපියල් එක් කෝටි විසි එක් ලක්ෂයක් පමණ වටිනා හෙරොයින් ග්‍රැම් 758ක් සමග ඊයේ (07) සවස අත් අඩංගුවට ගත් බව ගාල්ල පොලිසිය පවසයි.
වරාය පොලිස් වසමේ නුගදූව ප්‍රදේශයේ නිවසක් කුලියට ගෙන නතරවි සිටියදී මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ අහංගම ගොවියාපාන පදිංචි 31 හැවිරිදි පුද්ගලයෙකි.
සැකකරු මෙයට පෙර 2019 වසරේ දකුණු මුහුදේදි බෝට්ටුවකින් හෙරොයින් ප්‍රවාහනය කරමින් සිටියදි මත් ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ නාවික හමුදාව එක්ව අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු රිමාන්ඩ් ගතව සිට ඇප ලබා සිටින අයෙකු බවද පොලිසිය පවසයි.
ගාල්ල කොට්ඨාස දූෂණ මර්ධන අංශයේ නිලධාරි කණ්ඩායමක් විසින් සැකකරු අත් අඩංගුවට ගෙන වරාය පොලිසියට බාරදි තිබේ.සැකකරු අද (08) ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව තිබින.