විදේශීකයන් දෙදෙනකු බේරිමට ගිය යතුරුපැදිය සිමෙන්ති ලොරියක ගැටී කාන්තාවක් මරුට

අහංගම කබලාන ප්‍රදේශයේ දී යතුරු පැදියක් සිමෙන්ති පටවන ලද ලොරියක වැදිමෙන් යතුරු පැදියේ පිටුපස ගමන්ගත් කාන්තාවක් එම ස්ථානයේම මියගොස් ඇතැයි අහංගම පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ අහංගම කතළුව පදිංචි 54 හැවිරිදි කාන්තාවකි.
සිය සැමියා සමග අහංගමට ගොස් ආපසු නිවසට යාම සඳහා ගාල්ල දෙසට එමින් සිටියදි කබලානේ සංචාරක හෝටලයක් අසලදි පාරට පැමිණ විදේශිකයින් දෙදෙනකු බේරිම සඳහා යතුරු පැදියේ වේගය අඩුකරනවාත් සමග පිටු පසින් පැමිණි සිමෙන්ති ලොරියේ  බඳේ යතුරු පැදිය වැදි ඇති අතර එහිදී කාන්තාව පාර මතට වැටී ලොරිය ඇයගේ සිරුර මතින් ගමන් කර තිබේ. සිද්ධියෙන් සැමියාට කිසිදු අනතුරක් සිදු වී නොමැත. 
අනතුරට සම්බන්ධ ලොරිය සහ රියදුරා අත් අඩංගුවට ගෙන ඇති අතර අහංගම පොලිසිය විසින් වැඩිදුර පරික්ෂණ පවත්වා ගෙන යනු ලැබේ.
Werzuo Digital

Leave a Reply