අලුත් නොකළ සියලුම බර වාහන හා සැහැල්ලු රියදුරු බලපත්‍ර අලුත් කිරීමට අනිවාර්යය නීතියක්

වසර 44ක් තිස්සේ අලුත් නොකළ සියලුම බර වාහන හා සැහැල්ලු වාහන බලපත්‍ර අලුත් කිරීමේ අනිවාර්යය නීතිය ඉදිරි දිනවල ක්‍රියාත්මක කරන බව මෝටර් ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.

වෛද්‍ය හේතු හඳුනා ගැනීමට නොහැකි වීම හා රිය අනතුරු වැඩි වීමට මෙය ප්‍රධාන හේතුවක් වී ඇතැයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.

සෑම රියැදුරු බලපත්‍රයක් හිමි තැනැත්තකුම වසර 4 කට හෝ 8කට වරක් වෛද්‍ය පරීක්ෂණයකට යොමු කෙරෙන නමුත් 1980 දශකයේදී නිකුත් කළ රියැදුරු බලපත් අලුත් කිරීමක් සිදු නොවීම නිසා ගැටලු රාශියක් පැන නැගී ඇතැයිද ඔවුන් කිසිවිටෙකත් වෛද්‍ය පරීක්ෂණයකට යොමු නොවීම නිසා කිසිදු රෝගයක් හෙළි වී නැතැයිද එම දෙපාර්තමේන්තුව පවසයි.

ඒ පැරැණි රියැදුරු බලපත් නිකුත් කළ දින සිට කිසිම විටෙක අලුත් කර නැතැයිද ඒ අයහපත් ක්‍රමය වහා වෙනස් විය යුතු බවද එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

1980 දශකයෙන් පසු නැවත අලුත් නොකිරීමේ පදනම මත නිකුත් කළ රියැදුරු බලපත් ලක්ෂ 20ක් ඇතැයි ද රිය අනතුර වලින් වැඩිම පිරිසක් විවිධ රෝගාබාධ වලින් පෙළෙන පැරැණි රියැදුරු බලපත් හිමි රියැදුරන් බව හෙළි වී ඇතැයි ද එම දෙපාර්තමේන්තුව පවසයි.

කොළඹ ප්‍රධාන පෙළේ විදුහලක සිසුන් විනෝද චාරිකාවක් ගෙන ගිය බසය රදැල්ලේ දී ප්‍රපාතයකට පෙරළී ගිය අතර ඒ බසය පැදවූ රියැදුරා වයස අවුරුදු 65 ක් වන 1980 න් පසු බලපත්‍ර ලබාගත් රියැදුරෙකු බව හෙළි වූ බවද දෙපාර්තමේන්තුව පවසයි.

Werzuo Digital

Leave a Reply