මනුෂට සෙත් පතා ආශිර්වාද පුජාවක් සහ නිහඬ විරෝධතාවක්

හිටපු අමාත්‍යවරුන් වන මනූෂ නානායක්කාර මහතාට සහය පළකරමින් නිහඬ විරෝධතාවක් සහ සෙත් පතා ආශිර්වාද බෝධිපූජාවක් අද (14) පස්වරුවේ ගාල්ල නගරයේදී පැවැත්වුණා.

හිටපු අමාත්‍යවරයාට සහාය පලකරමින් සකස් කළ පුවරු ප්‍රදර්ශනය කරමින් ඔවුහු සිය නිහඬ විරෝධතාව පැයක පමණ කාලයක් පැවැත්වූහ.

විදේශ රැකියා ලාභී අපේක්ෂිතයන් සහ ඔවුන්ගේ දෙමාපියන් පිරිසක් ඇතුළු පිරිසක් මේ සඳහා සහභාගි වී සිටි අතර අනතුරුව ගාල්ල ධර්මපාල උද්‍යානයේ චෛත්‍ය මළුවට රැස් වූ පිරිස සමග මහා සංඝරත්නය 200ක පමණ සංඛ්‍යාවක් සහභාගි වෙමින් හිටපු අමාත්‍යවරයාගේ කටයුතු සඳහා ආශිර්වාද පූජාවක් ආරම්භ කළහ.

Werzuo Digital

Leave a Reply