මව්කිරි හිර වී මාස තුනේ බිලිඳිය මරුට

යාපනය මුරසවිල් ප්‍රදේශයේ මව්කිරි හිරවීමේ හේතුවෙන් මාස තුන හමාරක පමණ දැරියක පෙරේදා (19) සවස මියගොස් ඇතැයි චාවකච්චේරි පොලිසිය පවසයි.

මව විසින් සිය බිලිඳියට මව්කිරි ලබා දෙන අතරතුර බිලිඳිය සිහිසුන්වීම හේතුවෙන් එම අවස්ථාවේම චාවකච්චේරි රෝහල වෙතට රැගෙන යාමට පියවර ගත්තද රෝහලට රැගෙන යන විටත් බිලිඳිය මිය ගොස් සිටි බවට චාවකච්චේරි රෝහලේ වෛද්‍යවරු ප්‍රකාශ කර තිබේ.

මෙලෙස මව් කිරි හිරවීමෙන් මිය ගොස් ඇත්තේ යාපනය මුරු සවිල් උතුරු ප්‍රදේශයේ පදිංචි මාස තුනක් වයසැති බිලිඳියකි.

මියගිය බිලිඳියගේ සිරුර චාවකච්චේරි රෝහලේ තැන්පත කොට ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිත බව පරීක්ෂණ සිදු කරන පොලිසිය ප්‍රකාශ කලේය

Werzuo Digital

Leave a Reply