දැදුරුඔයේ යෝධ මත්ස්‍යයකු තරුණයකු සපා කාලා – තුවාලයට මැහුම් 16ක්

හලාවත දැදුරු ඔයේ සිටින දැවැන්ත මාළු විශේෂයක් හේතුවෙන් දැදුරු ඔය දෙපස ගම්මානවල ජනතාව දැදුරු ඔයට බැසීමට බියක් දක්වයි.

මීට දින කීපයකට පෙර මේ මත්ස්‍යයකු ආරීයගම ප්‍රදේශයේ පුද්ගලයෙකු සපා කෑමෙන් බරපතළ තුවාල සිදුව තිබූ අතර ඒ සඳහා හලාවත මහ රෝහලේ සතියක් නේවාසිකව ප්‍රතිකාර ගැනීමට ඔහුට සිදුව තිබිණි.

මේ තුවාල සඳහා මැහුම් 16ක් යොදා තිබූ බවද මේ මත්ස්‍ය ප්‍රහාරයට ලක්වු පුද්ගලයා ප්‍රකාශ කර තිබේ.

මේ අතර එවැනිම ආකාරයේ මාළුවෙකු ධීවරයෙකුගේ මත්ස්‍ය දැලකට පැටලී සිටි අතර මිය ගොස් සිටි බැවින් ධීවරයන් ඒ මත්ස්‍ය වීඩියෝ කර ගැනීමෙන් අනතුරුව නැවත දැදුරු ඔයටම දමා තිබිණි.

දැලට හසු වූ මත්ස්‍යයා දිගින් අඩි හතරක් පමණ වන අතර බර කිලෝග්‍රෑම් 25ක් පමණ විය හැකි බව ගම්වැසියන් ප්‍රකාශ කර තිබේ.

මෙලෙස දැලට හසුව තිබූ මත්ස්‍ය ඇලිගේටර් වර්ගයේ මත්ස්‍යයෙකු විය හැකි බව ගම්වැසියන්ගේ මතයයි.

දිනමිණ

Werzuo Digital

Leave a Reply