ගාල්ල බස් නැවතුම්පොළේ ශබ්ද මට්ටම ඉහළට – විවිධ රෝගාබාධ වැළදිමේ අවදානමක් 

ප්‍රධාන බස් නැවතුම් පොළවල් පරිශ්‍රයේ පවතින අධික ඝෝෂාකාරී තත්ත්වය නිසා ජනතාව මහත් අපහසුවට පත්ව විවිධ රෝගාබාධවලට ගොදුරුවන බව පර්යේෂනයකදි අනාවරණයවී තිබේ.

රුහුණු විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යනාංශයේ පර්යේෂණ කණ්ඩායමක් ගාල්ල බස් නැවතුම්පොළ කේන්ද්‍ර කරගෙන සිදු කරන ලද පරීක්ෂණයකදී මේ බව අනාවරණය කරගෙන තිබේ.

ගාල්ල බස් නැවතුම්පොළ පරිශ්‍රයේ තිබිය යුතු ශබ්ද මට්ටම ඩෙසිබල් 63ක් වුවද එය මේවනවිට ඩෙසිබල් 80ද ඉක්මවා ඇති බව එම පරීක්ෂණයේදී හෙළිවී තිබේ.

මේ නිසා දිවා කාලයේ දිගු වේලාවක් එම පරිශ්‍රයේ රැඳී සිටින පුද්ගලයින් රාත්‍රියට නින්ද නොයාම, කන් කුරු කුරුගෑම, ඉරුවාරදය, මානසික ආබාධ, සියුම් ශබ්ද නොඇසීම, සමාජ හැසිරීම් රටාව වෙනස්ව හඬ නඟා කතා කිරීම, හෘද රෝග වැනි ආබාධවලට ගොදුරුවන බවද එම පරීක්ෂණවලදී අනාවරණය කරගෙන ඇත.

බොහෝ බස්රථ එය පිටත් වනතුරුම දිගු වේලාවක් පණ ගන්වා තිබෙන අතර තවත් බස් රථ සුළු ප්‍රමාදයට පවා නොනවත්වා නළාව ශබ්ද කිරීම ඇතුළු විවිධ ඝෝෂාකාරි ශබ්දයන් නිසා පීඩාවට පත්වන බව ජනතාව පවසති

Werzuo Digital

Leave a Reply