ලෝකයේ වැඩිම ජනහනය සහිත රට බවට ඉන්දියාව පත්වෙයි

චීනය අභිබවා ඉන්දියාව ලොව වැඩිම ජනහනයක් සහිත රට බවට පත්ව ඇතැයි එක්සත් ජාතින්ගේ සංවිධානය නිකුත් කල වාර්තාවක සදහන් ව තිබේ.

ඒ අනුව එක්සත් ජාතීන්ගේ සංවිධානය අද (19) නිකුත් කළ දත්ත වාර්තා වලට අනුව චීනයේ කෝටි 142.57 ට සාපේක්ෂව ඉන්දියාවේ ජනගහනය කෝටි 142.86 කි.

මෙය ඉන්දියාව එක්සත් ජාතීන්ගේ වැඩිම ජනගහනය සහිත රටවල් ලැයිස්තුවේ පළමු ස්ථානයට පත් වූ පළමු අවස්ථාවද වේ.

උපත් අනුපාත පහළයාම සහ ශ්‍රම බලකාය වයස්ගතවීම චීනයේ ජනගහනය පහළ යාමට හේතුවී තිබේ. 1960 වසරෙන් පසුව ප්‍රථම වතාවට පසුගිය වසරේදී චීනයේ ජනගහනය අඩු වී තිබේ.

එක්සත් ජාතීන්ගේ දත්ත වලට අනුව ඉන්දියාවේ ජනගහනයෙන් 1/4 කට ආසන්න ප්‍රමාණයක් වයස අවුරුදු 14 ට අඩු දරුවන්ය.

ජනගහනයෙන් 68% ක් වයස අවුරුදු 15 සිට 64 දක්වා වයස් කාණ්ඩයේ පසුවේ. 

එමෙන්ම, 7% ක් වයස අවුරුදු 65 ඉක්මවූවන්ය.

එමෙන්ම, මේ වසරේ මැද වන විට ගෝලීය ජනගහනය බිලියන 8.045 දක්වා ඉහළ යනු ඇතැයි එක්සත් ජාතීන් ඇස්තමේන්තු කර ඇත

Leave a Reply