රට සිට එන අයගෙන් මැලේරියා අවදානමක්

මැලේරියා රෝගය ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක් මේ වන විට උද්ගතව ඇති බව මැලේරියා මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ වෛද්‍ය චම්පා අලුත්වීර මහත්මිය ප්‍රකාශ කර තිබේ.

මෙරට තුළ වැඩි වශයෙන් මෙම රෝගය ව්‍යාප්ත වීම සිදු වීමට මූලික හේතුව වන්නේ මැලේරියාව බහුලව පවතින රටවල සිට මෙරටට පැමිණෙන පුද්ගලයන්ගෙන් රෝගය ව්‍යාප්ත වීම නිසා බවද ඇය ප්‍රකාශ කර තිබේ.

විශේෂයෙන් විදෙස් ශ්‍රමිකයන්, මැණික් ව්‍යාපාරිකයන් සහ සාම සාධක හමුදා සහ පිටත්ව යන පුද්ගලයන්ගෙන් මැලේරියා රෝගය මෙරටට පැමිණෙනු ඇති බව වෛද්‍යවරිය සඳහන් කර තිබේ.

මැලේරියා රෝගීන් ලක්ෂ 6ක පිරිසක් පසුගිය කාලසීමාවේදී ආසියාව තුළ ජීවිතක්ෂයට පත්ව ඇති බවත් මෙරටින් පසුගිය වසර තුළ රෝගීන් 37 දෙනකු හ¾දුනාගෙන ඇති බවත් ඇය කීවාය. මේ තත්ත්වයන් හේතුවෙන් දරුවන් ආරක්ෂා කර ගැනීමට පියවර ගත යුතු බවද ඇය පවසා තිබේ.

Leave a Reply