පිහිනුම් තටාකයේ දිය නෑ සිසුවා මරු තුරුලට

මහරගම නාවින්න ප්‍රදේශයේ පිහිනුම් තටාකයක විනෝදයට දිය නෑමට ගිය පාසල් සිසුවක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇතැයි මහරගම පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ හෙයියන්තුඩුව පදිංචි (17) හැවිරිදි පාසල් සිසුවෙකු බව පොලිසිය පවසයි.

මහරගම නගර සභාවට අයත් නාවින්න පිහිනුම් තටාකයේ මෙම සිසුවා තවත් මිතුරන් හතර දෙනකු සමග දිය නාමින් සිටියදි මෙම අනතුරට මුහුණපා තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් මහරගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යනු ලබයි

Leave a Reply