ජංගම දුරකථනය සිසුවෙකුට මරු කැඳවයි

කොච්චිකඩේ ප්‍රදේශයේදී දියේ ගිලී පාසල් සිසුවෙකු අද (13) අතුරුදන්වී තිබෙන බව පොලිසිය පවසයි.

තෝප්පුව පාලමෙන් මා ඔයට පැන පාසල් සිසුවෙකු දියේ ගිලී ඇති බවට සිසුවාගේ පියා විසින් පැමිණිල්ලක් සිදු කර ඇති බව පොලිසිය පවසයි.

මෙසේ අතුරුදන්ව ඇත්තේ 17 හැවිරිදි අකරගම මඩම්පැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ජංගම දුරකථනයකට අලාභ හානි කිරීමට අදාළ සිදුවීමකට මුදල් ගෙවීමක් සිදුකිරීමට යන බව නිවැසියන්ට දන්වා මෙලෙස පිටව ගොස් ඇති එම සිසුවා දියට පැන ඇති බවට සිදුකළ මූලික විමර්ශන වලදී අනාවරණය වී තිබේ.

කොච්චිකඩේ පොලීසිය නාවික හමුදා කිමිදුම්කරුවන්ගේද සහය ඇතිව අතුරුදන් වූ සිසුවා සොයා වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.

Leave a Reply